RSS
email
0

2010 මහසභා රැස්වීම

අප සංගමයේ දෙවන මහසභා රැස්වීම 2010.05.01 වන ඉරුදින පෙ.ව. 9.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව සතුටින් දන්වා සිටිමු.


නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට බලාපොරොත්තුවන බැවින් ඔබ සැමගේ සහභාගීත්වය ගෞරවයෙන් ආපේක්ෂා කරන්නෙමු.

මීට විශ්වාසී,
සංවිධායක කමිටුව
වැඩි විස්තර
0

අපේ වාර්ෂික සුහද හමුව

නොවැලැක්විය හැකි හේතුවක් නිසා අපගේ සුහද හමුව දින නියමයකින් තොරව කල්දැමීමට සිදුවිය.





කෙසේ නමුත් ලඟදීම
බලාපොරොත්තු වන්න!
වැඩි විස්තර
0

විද්‍යාලීය නව වෙබ් අඩවිය විවෘත කිරීම

අපේ විද්‍යාලයට වෙබ් අඩවියක් නොමැතිකම විශාල අඩුපාඩුවක් ලෙස හඳුනාගත් අපේ 2002 කණ්ඩායම, වෙබ් අඩවියක් නිර්මාණය කර පාසලට පරිත්‍යාග කිරීමට ඒකමතිකව තීරණය කළා. ඒ අනුව සමිත නාගසිංහ සහෝදරයාගේ නිර්මාණශීලිත්වයෙන් ගොඩනැගුනු වෙබ් අඩවිය (www.pinnawalans.com) විවෘත කිරීමද ආදි ගුරැ උපහාර උළෙලට සමගාමීව (2009 ඹක්තොම්බර් 07 දින) සංවිධානය කෙරිණී. විදුහල්පතිනී විනීතා වික්‍රමසිංහ මහත්මියගේ අතින් වෙබ් අඩවිය විවෘත කිරීම සිදුවූ අතර ජයනාත් සොයුරා වෙබ් අඩවියෙහි වැදගත්කම හා එය භාවිතා කරන ආකාරය විස්තර කරන ලදී.




අධ්‍යාපන කටයුතු වඩාක් ඵලදායී ලෙස සිදුකිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ පරම චේතනාවෙන් විද්‍යාලීය නියෝජ්‍යය විදුහල්පති වරැන් වන ඒ. ඒ. කුමාරසිංහ හා ඩබ්. ආර්. යූ. පී. බී. රත්නායක මහත්වරැන්ගේ අධීක්ෂණයට හා ආචාර්ය මණ්ඩලයේ ඩබ්. ඩී. එස්. එස්. ගුණවර්ධන මහතාගේ පාලනය යටතට වෙබ් අඩවිය භාර දෙන ලදී. මෙහිදී පාසලේ ඉතිහාසය පෙළ ගස්වමින් ආචාර්ය මණ්ඩලයේ කේ. එල්. ඩී. වික්‍රමගේ මෙනෙවියත් පරිගණක දත්ත සකසමින් පී. එස්. ලක්මාලි ධර්මසේන මෙනෙවියත් සුවිශේෂී දායකත්වයක් ලබා දුනි.
වැඩි විස්තර
0

ආදි ගුරැ උපහාර උළෙල




සැරිසරන සෙවන යට ...
ශිල්ප චාරිකාවේ ...
ඔබ දුන්නු නුවණැසින්...
දිවිය එළිය උනානේ...
ගුරැ මව්නි පියතුමනි...
ඔබෙ දෙපා තලාවේ...
බැති බරින් මේ පිදුම ශිල්ප වන්දනාවේ...
2002 පින්නවල අදි සිසු කැල





පොල්තෙල් පහන දැල්වීම - හිටපු විදුහල්පති සමග වර්තමාන විදුහල්පතිනිය



උත්සව සභාව - විද්‍යාලීය ප්‍රධාන ශාලාව



ආරාධිත පැට්‍රික් රත්නායක මහතාගේ දේශනය


සමූහ ඡායා රෑපය



සමූහ ඡායා රෑපය
වැඩි විස්තර
 

වැදගත් සම්බන්ධතා

අපේ යහළුවො