RSS
email

විද්‍යාලීය නව වෙබ් අඩවිය විවෘත කිරීම

අපේ විද්‍යාලයට වෙබ් අඩවියක් නොමැතිකම විශාල අඩුපාඩුවක් ලෙස හඳුනාගත් අපේ 2002 කණ්ඩායම, වෙබ් අඩවියක් නිර්මාණය කර පාසලට පරිත්‍යාග කිරීමට ඒකමතිකව තීරණය කළා. ඒ අනුව සමිත නාගසිංහ සහෝදරයාගේ නිර්මාණශීලිත්වයෙන් ගොඩනැගුනු වෙබ් අඩවිය (www.pinnawalans.com) විවෘත කිරීමද ආදි ගුරැ උපහාර උළෙලට සමගාමීව (2009 ඹක්තොම්බර් 07 දින) සංවිධානය කෙරිණී. විදුහල්පතිනී විනීතා වික්‍රමසිංහ මහත්මියගේ අතින් වෙබ් අඩවිය විවෘත කිරීම සිදුවූ අතර ජයනාත් සොයුරා වෙබ් අඩවියෙහි වැදගත්කම හා එය භාවිතා කරන ආකාරය විස්තර කරන ලදී.




අධ්‍යාපන කටයුතු වඩාක් ඵලදායී ලෙස සිදුකිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ පරම චේතනාවෙන් විද්‍යාලීය නියෝජ්‍යය විදුහල්පති වරැන් වන ඒ. ඒ. කුමාරසිංහ හා ඩබ්. ආර්. යූ. පී. බී. රත්නායක මහත්වරැන්ගේ අධීක්ෂණයට හා ආචාර්ය මණ්ඩලයේ ඩබ්. ඩී. එස්. එස්. ගුණවර්ධන මහතාගේ පාලනය යටතට වෙබ් අඩවිය භාර දෙන ලදී. මෙහිදී පාසලේ ඉතිහාසය පෙළ ගස්වමින් ආචාර්ය මණ්ඩලයේ කේ. එල්. ඩී. වික්‍රමගේ මෙනෙවියත් පරිගණක දත්ත සකසමින් පී. එස්. ලක්මාලි ධර්මසේන මෙනෙවියත් සුවිශේෂී දායකත්වයක් ලබා දුනි.

Bookmark and Share

0 comments:

ඔබේ වටිනා අදහස් මෙතනින් යොමු කරන්න

ඔබේ වටිනා අදහස් හා යෝජනා වෙතොත් නොපමාව අපට දන්වා සිටින්න. ඒ සඳහා පහත අවකාශය යොදාගන්න.

 

වැදගත් සම්බන්ධතා

අපේ යහළුවො